වචන දහසකින් කීවද
ඔබ එන්නේ නැතිබව දනිමි
මම දැන් හොඳින්
දහසක් කඳුලු හෙලා
පැතූවෙමි ඔබව
ආවේ නැත ඔබ
මහා තනියක් මට දැනේ
කියන්න අම්මේ මට
ඔබේ ආත්මය සැනසුනද
කොතැනක
මිදුනද ඔබ දහසක් වේදනාවෙන්
ආයෙමත් ඔබ එනවානම්
සත්තකින් මගේ ලොව දෙව් ලොවක්
ඔබ සැමදාම මගේ සිතිවිලි
අතර සැරි සරයි
කොහි ගියත්
කුමක් කලත්
මා ඔබට එතරම්ම ආදරේ කල නිස
කොපමන කලක්
රැඳුනද මගේ දිවිය
කොතැනක රැඳුනද
සතුට දුක කුමක්
මා ලඟ රැඳුනද
මට ඔබව මතකයේ රැඳෙනු ඇත
ප.ලි-අනුවාදයකි
